May 03, 2024

ජනපති තීරණයක් ගනී! ජනපති මහ නාහිමිවරුන්ට ලිඛිතව දන්වයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කරනවා.

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත එහිදී පළ කර තිබූ බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම මේ වන විට රටේ පවතින අර්බුධකාරී වාතාවරණය නැති කොට මහජනතාවගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉක්මන් පියවර ගන්නා බවට ද ජනාධිපතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් රජයටත් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකොට මේ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබුණා.

ඊට අදාළ ලිපිය බුද්ධ ශාසන බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඊයේ (24) පෙරවරුවේ මහනාහිමිවරුන් වෙත පිළිගන්වා ඇතැයි වාර්තා වුණා.

පසුගිය අප්‍රේල් මස 04 වැනි දින ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධව ගනු ලැබූ තීරණයට අනුව රටේ වත්මන් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුලත් යෝජනාවලියක් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබුණා.

Rate this item
(3 votes)