May 02, 2024

රනිල් ඇත්තම කියයි : කල යුත්තත් කියයි

කුමන විවේචන තිබුණත් , කුමන පරාජයන් ලැබුවත් රටේ ආර්ථිකය ගැන නිසි වැටහීමක් මෙන්ම මැනීමක් තිබෙන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව බොහෝ දෙනකු පිළිගන්නා කරුණක්.

වික්‍රමසිංහ මහතා රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බූදය ගැන මෙන්ම ඉන් ගොඩ ආ හැකි මඟ පිළිබඳව විග්‍රහයක් කොට තිබෙනවා.

දැඩි තීන්දු

එහිදී ඔහු පෙන්වා දෙන්නේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ඉතා ඉක්මනින් ගොඩ ඒම සඳහා දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවන බවයි.

එසේ කළහොත් පළමු අවුරුද්ද හිතනවාටත් වඩා අසීරු අවුරුද්දක් වන බවට වික්‍රමසිංහ මහතා අනාවැකියක්ද පළ කරනවා.

එහෙත් දෙවැනි අවුරුද්දේදී යම් සහනයක් ලැබීමට හැකි බවට පුරෝකතනයක් ඔහු විසින් සිදු කරනවා.

කල් මැරිමේ විපාකය

වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් වාද විවාද කොට කල් මරන්නේ නැතිව ගත යුතු තීන්දු ඉතා ඉක්මනින් ගත යුතු බවයි.

වැටී තිබෙන ආර්ථිකය දැන් තිබෙන ක්‍රමවේද වලින් සම්පූර්ණයෙන්ම ගොඩ ගැනීමට නොහැකි බවයි වික්‍රමසිංහ මහතාගේ මතය වන්නේ.

ඊට විසඳුම ලෙස ඔහු යෝජනා කරන්නේ අපනයන මුල් කොටගත් තරගකාරී ආර්ථිකයකට යා යුතු බවයි.

එහි මුල් පියවර දැන්ම ගත යුතු බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

හැත්තෑ හත පූර්වාදර්ශය

1977 නොවැම්බර් මාසයේදී මාසයේදී එවකට ජේ.ආර්. ජයවර්ධන හා රොනී ද මැල් යන මහත්වරුන් ගත යුතු තීන්දු (විවෘත ආර්ථිකයට යොමු වීම) ගත් බවත් වික්‍රමසිංහ මහතා මතක් කර දෙනවා.

ඔහු එසේ සඳහන් කරන්නේ ඒ අවස්ථාවේ ඩොලරයට සාපේක්ෂව රුපියල පා කල විට එය දෙගුණ වූ මුත් ජනතාව තුළ මුදල් වැඩි වූ බවද පෙන්වා දෙමින්.

Rate this item
(6 votes)