May 18, 2024

කාන්තා දිනය දා උතුරේ විරෝධයක් (PHOTOS)

යුද්දය අවසන් වී වසර 12ක් ගත වුවද උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට මෙතෙක් කිසිදු ආණ්ඩුවක් පියවර නොගැනීම හේතුවෙන් ජාත්‍යන්තරයේ සහය අවශ්‍ය බව පවසමින් උතුරේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ලෝක කාන්තා දිනයට සමගාමීව අද (08) යාපනයේ විරෝධතාවක නිරත වුණා.

විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පවසා සිටියේ,

යුද්දය හේතුවෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ පවුල්වල ජීවත් වන කාන්තාවන් දැඩි ලෙස පීඩාවන්ට පත්ව සිටියද කාන්තා ගැටලු වසර 12ක් ගෙවුනත් විසඳී නොමැති වීමෙන් උතුරේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් පීඩා විඳින බවටද පැවසුවා.

එමෙන්ම දේශපාල සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කල යුතු බවටත් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වහාම අහෝසි කරන ලෙසටද විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.

යුද්ධය අවසන් වී වසර 12ක් ගත වුවද යුද්දයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් පැවති රජයකට හෝ වත්මන් රජයට පිළිගත හැකි විසඳුමක් ලබා දීමට මෙතෙක් නොහැකි වී ඇති අතරම එහෙයින් ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියකට යොමු කොට අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණයක් ලැබිය යුතු බවටයි.

යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී පැවති මෙම විරෝධතාවයට උතුරේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ඇතුලු දෙමළ ජාතික ජනතා පෙරමුනේ සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)