May 04, 2024

චමුදිත මම හිටියේ වෙන මගුල් දෙකක: හිටපු ජනපතිගේ මගුල් කතාව

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ඔවුන් දැරූ කැබිනට් ඇමති ධුරවලින් ඉවත් කළේ ඉකුත් 3 වැනි බ්‍රහස්පතින්දා.

ඊට හේතු වුනේ ඊට පෙර දෙන එනම් 2 දා "මුළු රටම හරි මගට" නම් වූ ප්‍රකාශනයක් ජනගත කිරීමේ රැස්වීමකදී ආණ්ඩුව හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාව විවේචනය කිරීමයි.

ප්‍රධාන මේසයේ

එම රැස්වීමට හිටපු ජනපති ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වූ අතර ඔහු ප්‍රධාන මේසයේම අසුන්ගෙන සිටියා.

එහෙත් වීරවංශ සහ ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඉකුත් 4 වැනි සිකුරාදා කැඳවූ මාධ්‍ය හමුවට ශ්‍රී.ල.නි.පය හෝ එහි කිසිදු වගකිව යුතු ප්‍රබලයෙක් සහභාගි වුයේ නැහැ.

එම අවස්ථාවට ශ්‍රී.ල.නි.පය සහභාගී කරවූයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ කවුරුත් වැඩිය නොදන්නා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්.

මාධ්‍ය සාකච්ඡාව මග හැරීම

මේ මාධ්‍ය සාකච්ඡාව මග හැරීම මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කලා.

ඒ සිරිසේන මහතා ජනපති ධුරය දරද්දී ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ චමුදිත සමරවික්‍රම මහතා මෙහෙයවන එක්තරා පුද්ගලික රූපවාහිනී සේවයක පැවැති ජනප්‍රිය වැඩසටහනකදී.

ඔහු ඊට දී තිබුණේ අපූරු පිළිතුරක්.

ඒ එදින පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනාම කලින් යොදාගත් වැඩ සඳහා කොළඹින් පිටතට ගොස් සිටි බවයි.

යෙදී තිබූ මංගල්‍යයන්

තමාටද එදා ගාල්ලේ මගුල් ගෙවල් 2 ක් අත්සන් කිරීමට යෑමට සිදු වූ බව හිටපු ජනපතිවරයා පෙන්වා දෙනවා.

කලින් පොරොන්දු එම මංගල්‍යයන්ට තමා සහභාගි නොවූයේ නම් ඉන් එම මංගල්‍යයන්ට ප්‍රශ්නයක් වීමට ඉඩ තිබුණු බව සිරිසේන මහතා පෙන්වා දෙනවා.

ඉන් අනතුරුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේද තිබූ තම පවුලේ මංගල්‍යයකට දහවල් 1:30 පමණ සහභාගී වූ බවටත් තොරතුරු හිටපු ජනපතිවරයා හෙළිදරව් කරනවා.

පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරමහතාද ඒ ස්අවස්ථාවේ සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කලින් දාගත් වැඩ කටයුතුවල නියැලී බවයි සිරිසේන මහතා හෙළිදරව් කරන්නේ.

වීරවංශ හා ගම්මන්පිල යන මහත්වරුන් ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩල ඇමති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු විශේෂයෙන්ම ශ්‍රී.ල.නි.පයේ ඉහළ ප්‍රධානීන් එම කණ්ඩායම මග හරින බවට චෝදනා එල්ල වනවා

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 March 2022 08:15