May 04, 2024

විමල් හා උදය බෙල්ල තියද්දී වාසු බේරෙයි

අද (3) හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වුණා.

ඊට හේතු වුනේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට තිබූ අවශ්‍යතාවය නිසා.

මුදල් ඇමතිගේ ස්ථාවරය

ඒ ඊයේ (2) ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11ක් විසින් ජනගත කළ "මුළු රටම එක මගට" ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේදී එම දෙපළ කළ ආණ්ඩු විරෝධී ප්‍රකාශ නිසා.

විශේෂයෙන්ම මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාව දැඩි ලෙස විවේචනය කිරීම නිසා.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් සහභාගී වන කැබිනට් මණ්ඩල රැස්වීම්වලට තමා සහභාගී නොවන බව බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ජනපතිවරයාට දැනුම් දී තිබෙනවා.

ජල සම්පාදන ඇමති

මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය විශේෂත්වය වන්නේ විමල් වීරවංශ හා උදේ ගම්මන්පිල යන මහත්වරුන් සමග ආණ්ඩුවේම සන්ධානගත කණ්ඩායමේ සිටි වාසුදේව නානයක්කාර අමාත්‍යවරයාගේ අමාත්‍ය ධුරය ඉවත් නොකිරීමයි.

වාසුදේව නානයක්කාර මහතා තම කිට්ටුතම ඇමති සගයින් දෙදෙනා ඇමති ධුරවලින් ඉවත් කිරීම හේතුකොටගෙන කුමන තීන්දුවක් ගනීද යන්න තවමත් ප්‍රකාශ වී නැහැ.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණයට විරෝධය පෑම වස් වාසුදේව නානයක්කාර මහතා තමන් දරන ජල සම්පාදන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වේවිද නැද්ද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 04 March 2022 08:36