අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) පස්වරු 6.30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
ඒ මහතා අද දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.
එතුමාගේ ඉල්ලීම පරිදි ඉතා කෙටි කාලයකදී ආදාහන කටයුතු කිරීමටයි පවුලේ ඥාතීන් කටයුතු කළේ.
ඒ අනුව අද පස්වරු 6.30ට පමණ බොරැල්ල පොදු සුසාන භූමියේ දී ඒ මහතාගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු සිදු කෙරුණා.
පවුලේ ඥාතීන් මාධ්‍යවේදීන් කලාකරුවන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වුණා.