May 04, 2024

"අපි තමයි හොඳටම කෙරුවේ" රටම අනාථ කරලා: මෛත්‍රීගෙන් නුවරදී තද කතාවක්

February 25, 2022

“අපි තමයි හොදටම කෙරුවේ” කියල තමන්ගේ හොරනෑව තමන් විසින්ම පිඹගෙන අද මුළු රටම අනාත කරලා ජනතාව පාරට බස්සපු මේ වගේ අන්ත දුෂිත කැබිනට් මණ්ඩලයක් ලංකා ඉතිහාසයේ නොවෙයි ලෝක ඉතිහාසයේවත් නොතිබුන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ තම පක්ෂයේ ආසන සංවිධායකවරුන් සදහා පත්වීම් ප්‍රධානය කිරීමේ මහනුවරදී පැවති උත්සවයකට සහභාගී වූ අවස්තාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළා.

පහත් දේශපාලන උපක්‍රම

අද ලංකාව රටක් ලෙස සම්පුරණයෙන් කඩා වැටිලා පාලකයෝ කියන්නේ කොරෝනා වසංගතය නිසා මෙහෙම වුනා කියල නමුත් කොරෝනා නිසාම නෙවි රටට මේ තත්වය උදා වුනේ කියන එක හරිම පැහැදිලියි.ලෝකයේ බොහෝ රටවල් කොරෝනා අභියෝගයට මුහුණ දුන්නා සාර්ථකව අපේ රටේ පාලකයෝ සුනාමි ව්‍යවසනය වගේම කොරෝනා වසංගතයත් තමන්ගේ වාසියට හරව ගත්තා.කොරෝනා වසංගතය උච්චම අවස්ථාවේ මැතිවරණය තියල බලය ගත්තා ඒ හරහා ඔවුන් ඉතාම සැලසුම් සහගතව මේ ව්‍යවසනය තමන්ගේ වාසියට යොදාගත්තා.ඔබට මතක ඇති දේශපාලකයන්ගේ විශාල බැනර් ගැහැව්වා කොරෝනා වසංගතයෙන් රට මුදාගත් නායකයන්ට සුබ පතල එකෙන්ම පේනවා මොන තරම් පහත දේශපාලන උපක්‍රමයක් විදියට මේ තත්වය ආණ්ඩුව පාවිච්චි කෙරුවද කියල.

නිරෝධායන මධ්‍යස්ථාන විදියට තමන්ගේ හිතවතුන්ගේ හෝටල් අධික මිල ගණන් යටතේ දෙස් විදෙස් කොරෝනා වසංගතයට ලක් වුනු ජනතාවට දෙන්න ආණ්ඩුව කටයුතු කෙරුවා කාටහරි කියන්න පුලුවන්ද ආණ්ඩුව මෙවැනි දේ කෙරුවේ නැහැ කියල.පරීක්ෂණ කට්ටල ගෙන්වීම හරහා ආණ්ඩුවේ ඉහල හිතවතුන් රටේ ධනය හොරා කෑවා.අත්‍යවශ්‍ය ආහාර සීනි,සුදු ළුණු ආනයනය හරහා බදු වංචා කෙරුවා අදටත් මේවා ගැන ආණ්ඩුවේ ප්‍රබලයෝ කිසිම පියවරක් අරගෙන නැහැ. දුෂණය භිෂණය නැති කරන්න ආපු නායකයෝ අදටත් මේ අන්ත දුෂිත ගනුදෙනු සම්බන්දයෙන් කිසිම පියවරක් අරගෙන නැහැ කියන්න කනගාටුයි.

හතර වටේම අවි ආයුධ

රටේ ඉඩම් ටික කුණු කොල්ලයට විදේශිකයන්ට විකුනනවා බදු දෙනවා.රටේ වාණිජ කර්මාන්ත සියල චීනයට ඉන්දියාවට,ඇමරිකාවට තොග පිටින් දෙනවා ජාතික සංවිධාන දේශප්‍රේමී බලවේග නිහඩයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුව තරම් රටේ ජනතාව රවට්ටපු ජනතාවට බොරු කියපු ආණ්ඩුවක් ලංකාවේ විතරක් නෙවි මුළු ලෝකෙම තිබිලා නැහැ.අද රටේ විදේශ සංචිත කුඩු පට්ටම් වෙලා,ගෑස් නැහැ,විදුලිය නැහැ,ඉන්දන නැහැ,හිතුවක්කාර විදියට සැලසුමක් නැතුව ආනයන සිමා කිරීම නිසා රටේ කර්මාන්ත කරුවා පාරට වැටිලා.කර්මාන්ත ශාලා වැසෙනවා රැකියා නැතුව මිනිස්සු පාරට වැටිලා.මේ ආණ්ඩුව ඇවිත් ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කිව්වා. අද ලංකාව හතර වටේ අවි ආයුධ දරා ගත් කල්ලි කණ්ඩායම් තැන තැන මිනි මරණව.අපි අහනවා ජාතික ආරක්ෂාව තහවුරු වෙලා නම් කොහොමද මෙහෙම වෙන්නේ කියල.“

මාධ්‍යවේදීන් දඩයම් කරන්න පටන් අරන් මිනිස්සුන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුව වාරණය කරලා.කවුරුහරි ආණ්ඩුවට විරුද්ධව මතයක් පල කෙරුවොත් ඒ පුද්ගලයා ඊලග දවසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ගෙන්වලා පැය පහ දහය කට උත්තර ගන්නවා.අද නිදහසක් නැති අනාරක්ෂිත සමාජයක් රටක් බිහිවෙලා.අපි බොහොම පැහැදිව කිව්වා මේ අය 2/3ක් ඉල්ලන්නේ ඇයි කියල.2/3 න් මේ අය ජනතාවට දුන්නේ මොනවද ? කිසිවක් නැහැ ඒ අය යහමින් හොරකම් කිරීමට ජනතාව පිඩාවට ලක් කරන්න විතරයි ඒ 2/3ක පාවිච්චි කරන්නේ.“

අද පොදු මහ ජනතාවට විතරක් නෙවි පාර්ලිමේන්තු මන්ත්රිවරයෙක්ටවත් අදහසක් ප්‍රකාශ කරන්න බැහැ.ඒ අය පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ගෙන්වනවා.රට ඉදිරියට නොවෙයි ලෝකයට සාපේක්ෂව ආපසු ගමන් කිරීමක් තමයි අපිට දකින්න ලැබෙන්නේ යනුවෙන් ද ගුණරත්න මහතා එහිදී ප්‍රකාශ කළා.

Rate this item
(4 votes)
Last modified on Friday, 25 February 2022 08:11