May 17, 2024

සුනඛයකුට තැබු වෙඩිල්ල කාන්තාවකට වැදලා

February 24, 2022

ව්‍යාපාරිකයෙකු විසින් බෝර 12 ගිණි අවියකින් සුනඛයකුට ඊයේ (23) වෙඩි තබා ඇති අතර ඉන් උණ්ඩ 03ක් කාන්තාවකට වැදි ඇය සුළු තුවාල ලබා ඇති බව උඩුගම පොලිසිය පවසනවා.

සුනඛයා මෙම ව්‍යාපාරිකයාගේ නිවස අසල ඉදිකරගෙන යනු ලබන ගොඩනැගිල්ලක දෙවැනි මහලේ සිට තිබෙනවා.

ව්‍යාපාරිකයා විසින් තම නිවසේ තෙවැනි මහලේ සිට ජනේලයකින් සුනඛයාට වෙඩි තබා තිබෙනවා.

එහිදී උණ්ඩ තුනක් අසල සිටි කාන්තාවකට වැදි තිබෙනවා.

පසුව මෙම කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන පැමිණ මේ පිළිබද උඩුගම පොලිසියට පැමිණිලි කොට තිබෙනවා.

බෝර 12 ගිණි අවිය සදහා බලපත්‍රයක් ව්‍යාපාරිකයා සතුව පවතින බව පොලිසිය පවසනවා. 

නොසැලකිලිමත් ක්‍රියාවක් සිදු කොට කාන්තාවකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසනවා.

මොහු අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Rate this item
(1 Vote)