May 10, 2024

ඛනිජ වැලි කැනීමේ මුවාවෙන් මුලතිව් අක්කර 1000 ක් කොල්ලකෑමේ සුදානමක්!

February 13, 2022

මුලතිව් කරෙයිදුරෙයි පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කෝකිලායි සිට නයාරු දක්වා පිහිටි කිලෝමීටර් 12ක ප්‍රමාණයේ ඉඩම් අක්කර 1000 ක් පමණ කොල්ල කෑමේ සුදානමක් ඇති බවට එම ප්‍රදේශයේ ජනතාව පවසනවා.

මේ හේතුවෙන් ඊට එරෙහිව විරෝධතාවක් ඊයේ (12) දින සංවිධානය කොට තිබුණා.

මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණේ කෝකිලායි ගම්වාසීන්, ආගමික නායකයින් සහ දේශපාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.

මෙම විරෝධතාව කෝකිලායි පාසල ඉදිරිපිටින් ආරම්භ වී පා ගමනකින් කෝකිලායි කනිජවැලි කැනීම් ගොඩනැගිල්ලක් ඉදිරිපිටට පැමිණ ගම්වාසීණ් විරෝධතාව පැවත්වුවා.

විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පවසා සිටියේ, කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේද ඇතුලු විවිධ වූ රජයේ සහ පෞද්ගලික ආයතන මගින් කෝකිලායි සිට නයාරු දක්වා වූ මුහුදු තීරය අවට ඛනිජ වැලි කැනීමේ මුවාවෙන් දෙමළ ජනතාවට අයති ඉඩම් කොල්ලකෑමේ සූදානමක් පවතින බවටත් මේ වන විටත් එය ක්‍රියාත්මක වී ඇති බවටත්ය.

මේ සඳහා ප්‍රදේශයන්හි විවිධ රජයේ ව්‍යාපෘති ලෙසින් හඳුන්වා දී නැවත පදිංචි වී සිටින ජනතාවට බලපෑම් සිදුවීම ආරම්භ වී ඇති හෙයින් වහාම දෙමළ ජනතාවට අයත් මුල් ඉඩම් කොල්ලකෑම හා අත්පත් කරගැනීම නවතා දමන ලෙසට මෙහිදී විරෝධතාකරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Rate this item
(0 votes)