May 05, 2024

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹෙයි (PHOTOS)

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

පර්යන්තයේ වැඩ ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඵලකය නිරාවරණය කළා.

අදියර තුනක් යටතේ සිදු කෙරෙන පර්යන්තයේ ඉදිකිරීම් 2024 වසරේ දී අවසන් කිරීමට නියමිතයි. හෙක්ටයාර 75ක භූමි ප්‍රමාණයක විහිදී ඇති මෙහි දිග මීටර් 1,320ක්. වැඩ නිම වීමෙන් පසු නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන දොඹකර (STC) 12ක් සහ රේල් පීලි මත දිවෙන ග්‍රැන්ටි දොඹකර (RMG) 40ක් සමග අංගසම්පූර්ණ පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වෙනවා.

මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 510ක් වන අතර වරාය අධිකාරිය ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වැය කරයි.

ඇක්සස් ඉංජිනේරු පී.එල්.සී. (Access Engineering PLC) සහ චයිනා හාබර් ඉංජිනේරු (China Harbour Engineering Company LTD) සමාගම්  එක්ව ඉදිකිරීම් සිදු කරයි.

කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසර අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උත්සව සභාව අමතමින් සඳහන් කළා.

ගෙවීගිය කාලය වැදගත් වන්නේ විපක්ෂයටයි. අප සෑමවිටම භාරගත යුත්තේ අතීතය නොව අනාගතය යි. රට පිළිබඳ තිබෙන සුබවාදී බලාපොරොත්තු කිසිවෙකු අතහැරිය යුතු නොවන අතර ගෙවුණු වසර දෙක කරගසාගෙන යාමට විවේචකයන්ට භාරදී, අප අනාගතය භාරගනිමු යැයි අග්‍රාමාත්‍යවරයා පැවසුවා. 

ලෝකයේ වරාය ශ්‍රේණිගත කිරීමේ ඇල්ෆලයිනර් නිර්නායකයට අනුව මේ වන විට කොළඹ වරාය 23 වන ස්ථානයේ පසුවෙනවා. 

May be an image of outdoors

May be an image of 5 people and people standing

May be an image of 4 people and people standing

May be an image of 6 people, people standing and people sitting

May be an image of 6 people, people standing and outdoors

May be an image of 5 people, people standing and outdoors

May be an image of 11 people and people standing

May be an image of 7 people, people standing and outdoors

May be an image of 10 people, people standing and indoor

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 January 2022 15:13