May 18, 2024

"ඒක ඉතින් මගේ ප්‍රශ්නයක් නෙවෙයි" - සහල් මිල පාලනය තවමත් ඩඩ්ලි අතේ: විශේෂ ප්‍රකාශයකුත් කරයි

සහල් මිල ගැන අරලිය සමුහ වි්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ ඊයේ (11) ගාල්ල හෝල්ඩ්ගොල් ශාලාවේ දි පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. 

සහල්මිල තවදුරටත් වැඩිවන්නේ නැති බවත් මෙය උපරිම මිල බවත් සිරිසේන මහතා ප්‍රකාශ කළා.

මෙහිදි තවදුරටත් අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා මේසේද පැවසුවා.

"තවදුරටත් සහල් මිල ඉහල යාමක් සිදුවන්නේ නැහැ. සහල් මිල පාලනය කිරිම සදහා වැඩියෙන් වි වගා කළ යුතුයි. රටේ වි නිෂ්පාදනය අඩුවිමේ වගකිම මට ගන්න බැහැ. ඒක ඉතින් මගේ ප්‍රශ්නයක් නෙවෙයි. කාබනික පොහොර හොද වැඩපිළිවෙළක් එය කළ ආකාරයේ ප්‍රථිපල තමයි මේ දක්නට තියෙන්නේ" 

රජය මීට පෙර සහල් සඳහා පාලන මිලක් නිම කර තිබුණද පසුව එම පාලන මිල ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. ඉන් අනතුරුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් මාධ්‍ය හමුවක් පවත්වා තමන් සහල් අලෙවි කරන මිල ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 115 ක් ලෙසත්, සම්බා කිලෝවක් රුපියල් 140 ක් ලෙසත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 165 ක් ලෙසත් සහල් මෝල් හිමියන් නිවේදනය කර තිබුණා.

මීට අමතරව වෙළඳපොලේ සහල් මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමටද රජය තීරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 January 2022 13:10