May 14, 2024

ගෑස් අර්බුධය : ගෑස් සමාගමෙන් අධිකරණයට පොරොන්දුවක්

December 16, 2021

මින් මතුවට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන ගෘහස්ථ ගෑස් පමණක් වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම අද අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදු වූ අනතුරු පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.

එමෙන්ම ගෑස් සිලින්ඩරයක් තුළ අන්තර්ගත ගෑස් වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් එම සිලින්ඩරය මත ප්‍රදර්ශනය කිරීමට එකඟ වන බවද ඔහු තවත් ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 December 2021 13:56