ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද (10) උදෑසන ඒ මහතා සිය නිවසේ දී අභාවප්‍රාප්ත වූ බව යි වාර්තා වන්නේ.
ඔහු මියයන විට 73 වැනි වියෙහි පසු වුණා.
සුනිල් සෝම පීරිස් මහතා වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කරමින් වාර්තාවක් ද තැබූවෙක් ලෙස හැඳින්වෙනවා.
චිත්‍රපට 54ක් පමණ ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇති බව සඳහන්.
ඒ අතර ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ, පිස්සු පූසෝ වැනි චිත්‍රපට ජනප්‍රිය වූවා.
සුනිල් සෝම පීරිස් මහතාගේ සියළුම චිත්‍රපට දින 50 ඉක්මවා ආරම්භක ප්‍රදර්ශන සිනමා ශාලාවල තිරගත වූ බව යි වාර්තා වන්නේ.
එනිසාම "සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු" ලෙසින්ද ඔහු හැඳින්වූවා.