May 02, 2024

"අර උපාසක අම්මා" කියලා එක රටක් එක නීතියක් සභාපති හිමිනම මටත් බණියි : මන්ත්‍රීවරියගෙන් අනාවැකියක්

December 09, 2021

එක රටක් එක නීතියක් නිර්මාණය කිරීම සඳහා පත් කර ඇති ජනපති කාර්ය සාධන බලකාය බළකායේ සභාපති භික්ෂුව ගැන හිටපු අධිකරණ ඇමතිවරියක වන තලතා අතුකෝරල මහත්මිය අද (9) පාර්ලිමේන්තුවේ දී කරුණු පෙන්වා දුන්නා.

මීට පෙර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සහ කලහාකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබමින් සිටියදී ජනාධිපති සමාව යටතේ පොදු නිදහස ලැබූ හිමිනමක් බව මන්ත්‍රීවරිය සඳහන් කරනවා.

සභාපති හිමි නම

එක රටක් එක නීතියක් සඳහා වූ ජනපති කාර්ය සාධන බලකාය ගැන කෙසේ වෙතත් එහි සභාපති භික්ෂුවගේ ක්‍රියා කලාපය පිළිබඳව සතුටු විය නොහැකි බවයි මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා නොයෙකුත් විදිහේ හඬ පට තිබෙන බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරිය ඊයේ (8) වන විට අලුත් හඬ පටයක් ඇවිත් තිබෙන බවත් අවධාරණය කරනවා.

භික්ෂූන් අතර ප්‍රශ්න

මේ හඬ පටි සිද්ධිය බුදු දහම අදහන බෞද්ධයන්ට මහ පටලැවිල්ලක් වී තිබෙන බව මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ කාර්ය සාධන බලකායේ මේ සභාපති හිමිනම හා බෞද්ධ හිමිවරුන් අතර ප්‍රශ්නයක් වී ඇති බවද සඳහන් කරමින්.

"අනිකුත් භික්ෂූන් වහන්සේලාට තර්ජනය කරමින් , මර්දනය කරමින් කතා කරන උන් වහන්සේ හෙට අනිද්දාට කියන්න පුළුවන් අර උපාසක අම්මා මෙහෙම කෑගහුවා කියලා."

මන්ත්‍රීවරිය ඒ ආකාරයට අදහස් දැක්වූයේ අද (9) පැවැති අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂ කාරක සභා විවාදයට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 December 2021 16:44

Related items