May 06, 2024

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු සුරූපී තරුණිය කටුනායකදී කොටු

December 09, 2021

ජාත්‍යන්තර පොලීසියේ පොලිසියේ රතු වරෙන්තු ලබා සිටි , ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත  , බ්‍රසීල ජාතික තරුණියක් , ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අද (09) උදෑසන කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන , ආපසු බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණා.

ඇය කැරොලයින් අරවුජෝ ද සිල්වා (Caroline Araujo De Silva ) නැමැති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත  බ්‍රසීල ජාතික 23 හැවිරිදි තරුණියක්.

බ්‍රසීල රජය මගින් ඇය අත් අඩංගුවට ගැනීමට සැරසෙන විට ඇය තායිලන්තය වෙත පැන ගොස් තිබුණා.

එනිසා ඇය අත්අඩංගුවට ගැනීම සදහා බ්‍රසීල රජය ජාත්‍යන්තර පොලීසියේ සහාය පතා තිබූ අතර , ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය විසින් ඇය අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු වරෙන්තු  නිවේදන නිකුත් කර තිබුණා.

ඇයගේ තායිලන්ත වීසා කාළය නිමා වීම හේතුවෙන් , තායිලන්තයෙන් ඇය මෙසේ ශ්‍රී ලංකාව බලා පිටත්වී තිබෙනවා.

ඒ වන විටත් ඇය අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇති බව ඇය දැන සිටි අතර , ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලීසිය සමග සම්බන්ධතා පවත්වන බව නොදැන මෙසේ ශ්‍රී ලංකාවට ඇතුළු වීම සදහා මෙසේ පැමිණ තිබුණා.

ඇය අද (09) දින අලුයම 12.00 ට තායිලන්තයේ සිට සිංගප්පූරුව හරහා පැමිණි  සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

මෙසේ පැමිණි ඇය සිය ආගමන  නිෂ්කාශන කටයුතු කර ගැනීම සඳහා ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන නිලධාරී කවුළුව වෙත පැමිණ සිටියා.

එහිදී ඇය ඉදිරිපත් ගුවන් ගමන් බලපත්‍රය සහ ශ්‍රී ලංකාවේ වීසා සඳහා අවශ්‍ය වන ලියකියවිලි , දේශ සීමා තොරතුරු පද්ධතිය සමඟ පරීක්ෂා කල ආගමන විගමන නිලධාරීවරයා , ඇය  ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු  නිවේදනයක් නිකුත් කර ඇති තැනැත්තියක් බවයි අනාවරණය කර ගත්තේ.

ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය කටුනායක ගුවන්තොටුපල  පැමිණීමේ පර්යන්තයේ  රාජකාරියෙහි  නිරතව සිටි  ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කෙරුණා.

එහිදී මෙම බ්‍රසීල ජාතික තරුණිය තායිලන්තයේ දිගු කළක් රැදී සිටීමෙන් අනතුරුව , ජාත්‍යන්තර පොලීසියට හසුවීමෙන් වැලැකීමට හැකි වන අයුරින් , වෙනත් රටකට ඇතුළු වීම සදහා ඇය සැළසුම් කර ගෙන තිබූ බවත් , ඒ අනුව මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ,  මේ පිළිබඳව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගැනීමට සමත් වුණා.

මේ පිළිබඳව සියලු නීතිමය කරුණු තහවුරු කර ගැනීමෙන් පසුව , අදාළ තරුණිය , ජාත්‍යන්තර ගුවන් සේවා නීතිය අනුව ඇය පැමිණි ගුවන් යානයෙන් , ඇය පැමිණි රට වන තායිලන්තය වෙත පිටුවහල් කිරීම සිදු කළ වුවත් , ඇය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත , ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තුකාරිනියක වූ බැවින් , ආපසු බ්‍රසීලය වෙත පිටුවහල් කිරීම සදහා අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර සකස් කර දී , අද (09) දින උදෑසන 10.20 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානයෙන් දෝහා ඔස්සේ බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්තා.

( කටුනායක ටී.කේ.ජී.කපිල )

 

Rate this item
(1 Vote)