කොළඹ මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා පස්වරු 4 සිට රාත්‍රි 7 දක්වා ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුවේ සිට කුරුදුවත්ත දක්වා වාහන ගමන් ගන්නා මාර්ගය වෙනස් කර තිබෙනවා.
ඒ අනුව අද (26) සිට පස්වරු 4 සිට රාත්‍රි 7 දක්වා කොල්ලුපිටිය මංසන්ධිය හරහා එම ප්‍රදේශයට ගමන් කිරීම අත්හිටුවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ වෙනුවට කොළඹ කොටුවේ සිට පැමිණෙන රථවාහනවලට උද්ඝෝෂණ පිටිය අසලින් හරවා බාලදක්ෂ මාවත අලියා නාන වටරවුම, උත්තරානන්ද මාවත, පෙරහර මාවත සහ පිත්තල හන්දිය හරහා කුරුදුවත්ත දෙසට ගමන් කළ හැකියි.