සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා විසින් වෙළඳ අමාත්‍යංශයේ තේ පැන් වියදම සහ කාර්ය කුලී පිළිබඳව කල ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍ය බවත් ද්වේශසහගත බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
මෙවැනි ප්‍රකාශ කිරීමෙන් මන්ත්‍රීවරු බලාපොරොත්තු වන්නේ කුමක්‌දැයි තමාට වටහාගත නොහැකි බවද පවසනවා.
පල් බොරු කියා පාර්ලිමේන්තුව නොමග යනව ඔබලාට ආත්ම ගෞරවයක් නොමැති බවද සඳහන් කරනවා.
බුදුන් වහන්සේගේ දේශනයක් මුල් කර ගනිමින් වෙළෙඳ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළා,
"පුහුණු නොකළ, මදක් කරුණු දත් පුද්ගලයෙකු වැඩෙන්නේ ගොනෙකු මෙනි. ඔහුගේ මස් නම් ලියලයි, ඔහුගේ නුවණ නම් නොවැඩෙයි."
නුවණ නොවැඩෙන මස් විතරක් ලියලන සජබ කණ්ඩායමට තමන් මේ ටික පවසන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.