April 28, 2024

මාර්ග බාධක නිසා පාර්ලිමේන්තුව උණුසුම් Featured

November 16, 2021

"සාපලත් ආණ්ඩුවට එරෙහි ජන බලවේගය" නමින් සංවිධාන කර ඇති විරෝධතාව නැවැත්වීමේ අරමුණින් රජය විසින් මේ වනවිට රටපුරා මාර්ග බාධක යොදවා ඇතැයි සමගි ජනබලවේගය පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ උද්ඝෝෂණය සදහා සහභාගීවීමට කොළඹට පැමිණෙමින් පවතින ජනතාවට ආරක්ෂක අංශ විසින් බාධා එල්ල කරමින් පවතින බවට තොරතුරු වාර්තා වන බවයි.

පොලිසිය විරෝධතාවලට පැමිණෙන ජනතාවගේ නම්, හැඳුනුම්පත් අංක ලියාගෙන ඇති බව බස් රථ රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කරන බවට බලපෑම් ඇති කර ඔවුන් බිය ගන්වන බවද පවසනවා. 

රටේ ජනතාවට තමන්ගේ දුක්ගැනවිලි විපක්ෂනායකවරයාට ඉදිරිපත් කිරීමට හැකියාවක් නැත්දැයි විමසීමක් ද සිදු කළා.

ඊයේ දින පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් සිටියේ උසාවි වල බවත් ඔවුන්ට අධිකරණයෙන් ඒ සඳහා පිළිතුරු ලබා දීමක් ද සිදු කළ බව පවසනවා.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති අහිමි කර කිරීමක් සිදු වී ඇති බවත් විපක්ෂනායකවරයා පවසනවා.

අද දින රටේ ආරක්ෂාවට යම්කිසි තර්ජනයක් එල්ල වී තිබේද යන්න පාර්ලිමේන්තුවේදී අමාත්‍ය සරත් වීරසේකරගෙන් නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කර සිටියා.

මේ සමඟම පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වුණා.

Rate this item
(0 votes)