May 03, 2024

කුලපති කමට හිමි නම පත්කිරීම ගැන දයාසිරිගෙන් ප්‍රතිචාර : අර්බුදයක් බව කියයි

November 15, 2021

තමාත් අධ්‍යාපනය ලැබූ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත්කිරීම් සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගැන තමන්ගේ ලොකු ගෞරවයක් තිබෙන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාද වන ජයසේකර මහතා අවධාරණය කරන්නේ.

දේශපාලන ක්‍රියාවලිය

උන් වහන්සේගේ දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇගයිමක් තිබෙන බව ජයසේකර මහතා සඳහන් කරන්නේ තමා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලැබූ අවධිය ගැනද මතක් කරමින්.

තමන් කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සමයේ පවා එම විශ්ව විද්‍යාලයේ කුලපති කමට පත් කළේ ඉතා ඉහළ අධ්‍යාපන මට්ටමක් තිබූ අය බවයි ජයසේකර ඒ මහතා පෙන්වා දෙන්නේ.

ගැටලුවක පෙර නිමිති

එහෙම බලන විට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට පත් කිරීම පිළිබඳව යම් අර්බුදයක් තිබෙන බව ජයසේකර මහතා සඳහන් කරනවා.

දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සති අන්ත ජාතික පුවත්පතක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී කොළඹ විශ්විද්‍යාලයේ කුලපති ධූරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ව කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත් කරණ ලද්දේ ජනපතිවරයා විසින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 November 2021 00:32

Related items