ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ව කමිටු සභාපති ලෙස පත් කිරීම ඔලමොට්ටල වැඩක් බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ හාලිඇල ඇටම්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,
"පසුගිය දවසක ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ව කමිටුවක සභාපති හැටියට පත් කළා. ඒක සම්පූර්ණයෙන්ම ඔලමොට්ටල වැඩක්. හාමුදුරුවන් වහන්සේගේ යම් යම් වැරදි තියෙන්න පුලුවන්. ඒ වැරදිත් එක්ක ඒ කමිටුවේ සභාපතිකමට හාමුදුරුවන්ව සුදුසු නැහැ. හාමුදුරුවන්ගේ යම් ඇත්තකුත් තියෙන්න පුලුවන්. නමුත් එවැනි කමිටුවක සභාපතිකමට උන්වහන්සේ සුදුසු නැහැ. ඒ පත්කල පත්වීම ඔලමොට්ටල පත්වීමක්."
"ඒ වගේම තමයි සිරිල් ගාමිණී පියතුමන් ගැනත් කියන්න ඕනි. සිරිල් ගාමිණී පියතුමත් එක්තරා ආකාරයක අන්තවාදියෙක්. ඥානසාර හාමුදුරුවන් අර කමිටුවේ සභාපතිකමට සුදුසු නැහැ වගේම මම කියනවා සිරිල් ගාමිණී පියතුමන්ට වෙනත් නීතියක් තියෙන්න බැහැ. එයත් සී.අයි.ඩී එකට ඇවිත් කටඋත්තර දිය යුතුයි. එතුමන්ට වෙන නීතියක් තියෙන්න බැහැ. මට නම් ඥානසාර හාමුදුරුවොයි සිරිල් ගාමිණී පියතුමයි එක කාසියේ දෙපැත්ත වගෙයි."