රට හිටින්නේ දැවැන්ත සංවර්ධනයකට මුල පුරා බව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
ග්‍රාමීය සංවර්ධනයට විශාල අවධානයක් යොමු කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම ආණ්ඩුව පක්ෂ භේදයකින් තොරව සෑම පළාත් පාලන මන්ත්‍රී කොට්ඨාශයකට මෙන්ම ග්‍රාමීය වශයෙන් ලබාදෙන මුදල් පිළිබඳවද ගණන් හිලව් සමගින් මතක් කර දෙනවා.
මහා මාර්ග විප්ලවය
තමන් නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයම නියෝජනය කරන මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද මහා මාර්ග විප්ලවයක් කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
තමන් එදා තමන්ගේ උපන් ගම වන නාරම්මල පයින් ඇවිද ගිය පාරවල් වලට අද කාපට් එක වැටී තිබෙන බවද මන්ත්‍රීවරයා අනාවරණය කරනවා.
ගුරු විදුහල්පති ප්‍රශ්නය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා ගුරු විදුහල්පති වැටුප් ගැටලුව අය ,- වැය ඡන්ද විමසීමට ගැලපෙන ආකාරයද විග්‍රහ කරනවා.
ඔහු සඳහන් කරන්නේ ගුරු විදුහල්පති වැටුප් ගැටලුව ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්මාණය කළ ප්‍රශ්නයක් නොවන බවයි.
එහෙත් මෙම අය වැයෙන් ඒ ප්‍රශ්නයට විසඳුම් ලබාදී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා අය - වැයට විරුද්ධව ඡන්දය දෙන සියල්ලන්ම ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීමට විරුද්ධව ඡන්දය දෙන ලෙසයි හඳුන්වන්නේ.