April 28, 2024

වැලිසර අනතුරින් තුවාල ලැබූ සිසුවාත් මිය යයි

November 11, 2021

පසුගිය 04 වනදා වැලිසර, මහබාගේ සුසාන භූමිය අසල දී සිදුවූ රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙවර උසස්පෙළ හදාරමින් සිටි සිසුවෙක්.

16 හැවිරිදි සිසුවෙකු විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් වැලිසර ප්‍රදේශයේදී තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් අදාළ අනතුර සිදු වුණා.

එහිදී යතුරුපැදියක ගමන්කරමින් සිටි මෙම පාසල් සිසුවා අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරුණා.

අනතුරින් එම සිසුවා ගමන්කළ යතුරුපැදිය පදවාගෙන ගිය ඔහුගේ ඥාතියෙකු වූ 52 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගියා.

මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුට අයත් එම සුඛෝපභෝගී මෝටර් රථය ඔහුගේ පුත්‍රයා විසින් රැගෙන ගොස් ඇති අතර, අනතුර සිදුවු ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයා පැවසුවේ වාහනය පුතා විසින් රැගෙන ආ බව තමන් නොදැන සිටි බවයි.

සබැඳි පුවත් :  වැලිසර මාරක අනතුර : පිය - පුතු දෙපළ අත්අඩංගුවේ

                  "මම නාන වේලාවේ තමයි මෙයා වාහනය අරන් ඇවිත් තියෙන්නේ" – වැලිසර බිහිසුණු අනතුරේ අතුරු කතාව

                  රටම කැළඹූ අනතුරේ සංවේදී දර්ශන සහ ඡායාරූප මෙන්න

                  පාසල් දරුවෙක් සුපිරි රියක් පදවා කළ මාරක අනතුර

Rate this item
(3 votes)