ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ට යලිත් අනතුරු අඟවමින් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ආණ්ඩුව විචේනය කරන සුළු පක්ෂ නියෝජිතයින් තමන් දරණ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි සඳහන් කළා.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙලුම් මාවතේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා බව සඳහන් කළා.
මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණ නායකයින්ගෙන් ඉල්ලා සිටියේ එලෙස ඉල්ලා අස් නොවන අය අල්ලා විසි කිරීමට කටයුතු කරන ලෙසයි.
එහිදී ඒ මහතා මෙසේ සඳහන් කළා,
"මේ සුළු පක්ෂවල ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක්. අමාරු කාල වලදී ආණ්ඩුව රැක ගැනීමේ වගකීමක් සුළු පක්ෂවලට තියෙනවා. ලක්ෂ 30ත් ගන්නවා, ලක්ෂ 40ත් ගන්නවා, ලක්ෂ 1000ත් ගන්නවා, අමාත්‍යාංශයත් ගන්නවා, අමාත්‍යාංශයේ වාහනයත් ගන්නවා, නිල නිවාසෙත් ගන්නවා, පාර්ලිමේන්තුවේ තියෙන කාමර ටිකත් ගන්නවා, වරප්‍රසාද ටිකත් ගන්නවා, නිල සංචාර ටිකත් ගන්නවා ඔක්කොම ගන්න තියෙන රෙද්දවල් ටික ඔක්කොම අරගෙන සියල්ල භුක්ති විදින ගමනුත් ඇයි ආණ්ඩුව විවේචනය කරන්නේ කියලා මම දයාසිරි ඇමතිතුමාගෙන් අහන්නේ. විමල් විරවංශ ඇමතිතුමාගෙන් අහන්නේ. අපි බොහොම පැහැදිලිව ඉල්ලනවා මේකේ ඇතුලේ ඉදගෙන කෑගහන්නේ නැතුව ආණ්ඩුව හොඳ නැත්තම් කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. ඉල්ලා අස්වෙන්නේ නැති නම් අල්ලා විසි කරන තැනට පොහොට්ටුවේ නායකයින්ට එන්න කියන ඉල්ලීම පිඩාවෙන් ඉන්න පසුපෙළ මන්ත්‍රීවරු විදියට අපි ප්‍රකාශ කරනවා."