April 28, 2024

බන්දුල සතුට වෙනුවෙන් කරන වියදම්: තේ වලට ලක්ෂ 290යි - නව කාර්යාලයට ලක්ෂ 80යි

November 10, 2021

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා රු. ලක්ෂ 80ක මාසික කුලියකට කොළඹ ඩාර්ලි පාරේ නව කාර්යාලයක් විවෘත කොට තිබෙන බවට තොරතුරු තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළා.

ගුණවර්ධන අමාත්‍යවරයා එවන් මාසික කුලියකට ගොඩනැගිල්ලක් ගෙන තිබෙන්නේ ස.තො.ස උඩුමහලක පවත්වාගෙන ගිය කාර්යාලය වෙනුවට බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

කෝටි දෙකේ තේ වියදම

එපමණක් නොව රු. 2500කින් එක් පවුලකට මාසයක් ජීවත්විය හැකි කියපු බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ තේ වියදම පමණක් රු. ලක්ෂ 290 ක් බවද මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

තමන් මේ කරුණු පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය බිඳ වැටුණේ ආණ්ඩුව හැම විටම කියන කොවිඩ් වසංගතය නිසා නොව මෙවැනි දූෂිත සිද්ධීන් නිසා බව පෙන්වා දීමට මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඇමතිගේ සතුට වෙනුවෙන්

ස.තො.ස ගැන අසතුටින් සිටින ගුණවර්ධන අමාත්‍යවරයා තමන්ගේ සතුට පිණිස මෙවැනි වියදම් කරණ බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

අමරසේන මන්ත්‍රීවරයා මෙම කරුණු හෙළිදරව් කළේ මේ අවස්ථාවේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ ස්ථානයේ සිටියා නම් වඩාත් හොඳයි කියමින්.

රටේ ආර්ථිකය බංකොලොත් වී තිබෙන්නේ කොවිඩ් වසංගතය නිසා නොව ඒ මුවාවෙන් සිදුකරන මෙවැනි ඝරානා වැඩ නිසා බව තමන් ජනපතිවරයාට පෙන්වා දීමට කැමති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 16:24

Related items