May 03, 2024

අයවැයෙන් සහන දෙනවා කීම මුලාවක් - දයාසිරි නත්තල් සීයා කීවේ මුදල් ඇමතිටද?

November 08, 2021

එළැඹෙන අයවැයදී විශාල බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයක් මේ වන විට රටේ ආර්ථිකය තුළ නැති බවත්යැ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල ආසන බල මණ්ඩල රැස්වීමක් අවසානයේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

ඉදිරි අයවැයෙන් ජනතාවට විශාල සහන ලැබේවි යැයි තමන් නොසිතන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නා.

අයවැයවලින් සහන දෙනවා කීම මුලාවක් බවත්, අයවැයකින් සහනදීම කිසිම කෙනකු බලාපොරොත්තු නොවිය යුතු බවද හෙතෙම සඳහන් කළා.

අයවැය යනු ඒ ඒ වසරේ ඇති තත්ත්වයන්ට මුහුණදීමට හැකි වැඩ පිළිවෙළක් සකස්කිරීම වන නමුත් අවාසනාවකට මෙන් ලංකාවේ ජනතාව අයවැයෙන් වැටුප් වැඩිවීම් සහ සහන ලැබෙතැයි සිතීමට පුරුදු වී සිටින බවද ඔහු කියා සිටියා.

අයවැය යනු නත්තල් දවසට එන නත්තල් සීයාගෙ බඩු මල්ල වැනි යැයි ජනතාව සිතාගෙන සිටින බවත් එය සම්පූර්ණයෙන්ම වැරදි බවද අමාත්‍යවරයා පැවසුවා.

අද වන විට රටට මෙවැනි විනාශයක් සිදු වී ඇත්තේ එම වැරදි වැටහීම නිසා බවද කී දයාසිරි ජයසේකර මහතා එබැවින් අයවැය යනු ඉදිරි වසරේ රටේ අනාගතය සහ ආර්ථික වැඩපිළිවෙළ පෙන්වන කැඩපතක් බවත් කියා සිටියා.

එහිදී යම් සහන දීමට මෙන්ම බදු වැඩි කිරීමටත් හැකි බවද අයවැයෙන් පසුව අනේ අපට මුකුත් ලැබුණේ නැහැයි යන මානසිකත්වයේ සිටීම හොඳ නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:24

Related items