May 10, 2024

"රාජපක්ෂලාට කඩේ ගියා ඇති" - විමල් පිලේ අයෙක් ජනපති අපේක්ෂත්වයට? (VIDEO)

November 02, 2021

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් කළ සාකච්ඡාවක් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හෙළිදරව්වක් කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ එහි ප්‍රචාරක කටයුතු සංවිධාන කරන රැස්වීමේදී විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අතර වූ සංවාදයක් පිළිබඳ සනත් නිශාන්ත අමාත්‍යවරයා හෙළි කරමින් මේ බව පැවසුවා.

එම රැස්වීමේදී විමල් වීරවංශ මහතා "උදය අපි හැමදාම මේ රාජපක්ෂලාට කඩේ යන්න ඕන නෑ. අපි දැන් අලුත් නායකයෙක් හොයමු. මේ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම ගෝඨා දිනුම්. එතනින් පස්සේ අපි සැලසුම් කරන්න ඕන අපේ ඉන්න කණ්ඩායමේ කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා හැටියට එන්න ඕන. රාජපක්ෂලාට ඇති" යැයි ප්‍රකාශ කළ බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසන්නේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමේ අරමුණකින් යුතුව සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කරනවා.

මෙය විමල් සහ උදයගේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවත් ඔබේ ජනප්‍රිය අපේක්ෂකයා කවුද යන්න හෙළි කරන ලෙසත් ඔහු සඳහන් කළා.

එම අරමුණ සහිත ආණ්ඩුවට ඔවුන් විවේචන එල්ල කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

ආණ්ඩුව තුල ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

"මඩින් නෙමෙයි ගොඩින් එන්නැයි" කියා රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Friday, 12 November 2021 11:15