May 03, 2024

මේක ආණ්ඩු විරෝධී වැඩක් කියලා කවුරු හරි හිතනවා නම් ඒ ඔලමොට්ටලයෙක් - ශ්‍රීලනිප මහ ලේකම්

ආණ්ඩු පෙරළන්න , වෙනත් අය සඳහා බලවේග හැදුවා යයි කවුරුහරි සිතනවා නම් එය වැරදි ඔලමොට්ටල චින්තනයක් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ආණ්ඩුව තුළ විරුද්ධ මත වලට ගරු කරන්න , ඒ මත ඉවසන්න පුරුදු විය යුතු බව පෙන්වා දෙන මහ ලේකම්වරයා කවුරුහරි සිතනවා නම් ඒ මත අභිභවා කටයුතු කරන්න එය අර්බූදයක ආරම්භය බවද සඳහන් කරනවා.

මහජනතාව අතරට

එ නිසා රටේ මරමස්ථාන සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදවලදී තම කණ්ඩායම මහජනතාව අතරට යන බව ජයසේකර මහතා අවධාරණය කරනවා.

එය රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ගන්නා පියවරක් බවයි මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.

වත්මන් ජනපතිවරයාට රට බාර ගැනීමට ලැබුනේ සුවිශේෂී වාතාවරණයක් එනම් කොවිඩ් වසංගත තත්ත්වය යටතේ බැවින් අනිත් කිසිදු රාජ්‍ය නායකයෙකුට මුහුණ දීමට සිදු නොවූ ආකාරයේ වටපිටාවකට වත්මන් ජනපතිවරයාට මුහුණ දීමට සිදු වූ බව ඔහු පෙන්වා දෙනවා.

මහලේකම්වරයාගේ උපදෙස

ඒ නිසා ආණ්ඩුව පමණක් නොව මෙම වසංගතය නිසා ලෝකයත් , අප නියෝජනය කරන ආසියානු කලාපයත් අර්බුද රැසක සිටින බවයි ජයසේකර මහතාගේ මතය වන්නේ.

මේ අර්බුද මැද්දේ නැව පැදවිය යුත්තේ කොහෙවත් හප්පා නොගෙන බවට උපදෙසක්ද ඔහු ආණ්ඩුවට ලබා දෙනවා.

ශ්‍රී.ල.නි.ප මහලේකම් වරයා මේ අදහස් පල කලේ එල්.එන්.ජී බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මැයෙන් වූ සම්මන්ත්‍රණය අමතමින්.  

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 20:24

Related items