May 19, 2024

ජනපතිගේ තීන්දුවට ඇමැති හරස් වෙයි! පළිබෝධ නාශක ගෙන්වන්න යයි

තෝරාගත් බෝග කිහිපයක් වෙනුවෙන් පළිබෝධ නාශක හතරක් මෙරටට ගෙන්වීම සදහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

ඒ අනුව හදුනාගත් එම දිලීර නාශක හා පළිබෝධ නාශක හතර සම්බන්ධයෙන් මේ වන විට ලැයිස්තුවක් සකස් කරමින් සිටින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

බෝග සදහා හදීසියේ වසංගත රෝගයක් ඇතිවුවහොත් ඒ සදහා ලබාදීමට අවශ්‍ය පලිබෝධ නාශක දියර අප සතුව තිබිය යුතු බවත් ඒ හේතුවෙන් මෙම වර්ග හතර හඳුනාගෙන ඒවා ගෙන්වීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අල සහ ලුනූ භෝග සම්බන්ධයෙන් වන රෝග එකිනෙකට වෙනස් වන අතර ඒවාට කාබනික වශයෙන් විසදුම් නොමැති බවත්, යම් හෙයකින් එවන් අවස්ථාවක් උදාවුවහොත් ඊට මුහුණ දීම සඳහා පලිබෝධ නාශක සුළු ප්‍රමාණයක් ආනයනය කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තබා ගැනීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා කියා සිටියා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 00:44

Related items