2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්වරුන් සම්බන්ධව තිබූ නඩු විභාගයක් අවසන් කර තිබෙනවා.
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම යන චෝදනා සම්බන්ධයෙන් එල්ලවී තිබුණු චෝදනාව සම්බන්ධයෙන් පැවති නඩු විභාගය මෙලෙස අවසන් වී තිබේ.
ඊට අදාළ පැමිණිල්ල අද (27) දිනයේ කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ සංජය ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා ඇති බවයි.
එබැවින් ඔවුනට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු අවසන් කරන ලෙස අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නඩු කටයුත්ත අවසන් කිරීමට නියෝගයක් ලබාදී තිබුණා.