May 03, 2024

ශ්‍රීලනිප සභාපති හා මහ ලේකම් මග දෙකක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා මේ වට විට ක්‍රියාකාරී දේශපාලනයට ඇවිත්.

හිටපු ජනපතිවරයාගේ පුත්‍රයා මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප තරුණ සංවිධානයේ සභාපති ධුරයට පත් කර ඇති අතර ඔහු එහි සංවිධාන කටයුතුවල නියැලී සිටිනවා.

මහ ලේකම් වෙන ගමනක

ඔහු එළැඹෙන පළාත් සභා මැතිවරණයට උතුරු මැද පළාතෙන් තරග කීවේ මේ ඉලක්කය ඇතිව බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

පක්ෂ සභාපතිවරයා සිය පුත්‍රයා ගැන එවන් තීරණයක් ගත්තත් ශ්‍රී.ල.නි.පයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා තමාගේ පුත්‍රයා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීම නතර කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීමක් කළා.

ක්‍රියාකාරී දේශපාලනය

එහිදී ඔහු සඳහන් කළේ තම පුත්‍රයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වලට ඉතා සුළු වශයෙන් සම්බන්ධව සිටින බවයි.

එහෙත් තම පුත්‍රයාට ක්‍රියාකාරී දේශපාලනයට නොඑන ලෙස තමන් දැනුම් දුන් බවයි පක්ෂ මහලේකම්වරයා අනාවරණය කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 13:40

Related items