May 17, 2024

පෙට්‍රල් සැපයුමේ අඩුවක්! මිල වැඩි වෙන්න කළින් ඇමති ගම්මන්පිල ප්‍රකාශයකට සූදානම්

මේවන විට ඉන්ධන මිල ඉහල යන බවට සමාජයේ පැතිර කතාබහ නිසා ජනතාව තම තමන්ගේ වාහන වලට ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම්වල සිටින බව වාර්තා වනවා.

සැපයුම අඩුයි

විශේෂයෙන්ස අද (23) රාත්‍රී ඉන්ධන මිල ඉහල යන බවට රාවයක් පැතිර යාමත් සමඟ ඉන්ධන හල් ඉදිරියේ පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැම් ඉන්ධන හල්වල ඉන්ධන නොමැති බවටත් සඳහන් කර තිබුණා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් නොමැති තත්වයක් තිබූ අතර භූමිතෙල් සැපයුම ද සීමාකර තිබුණි.

අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් ඔක්ටේන් 92 පෙට්‍රල් අවශ්‍ය තරම් ලබාගැනීමට හැකියාව තිබූ අතර සිපෙට්කො පිරවුම්හල් ඔක්ටේන් 95 පෙට්‍රල් අඛණ්ඩව සපයන බවක් පෙනී ගොස් තිබුණා.

පෙට්‍රල් නෑ

ඔක්ටේන් 92 පෙට්‍රල් ඇනවුම්කර දින කීපයක් ගතවුවද මේ දක්වා නොලැබුණු බවට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හිමියන් චෝදනා කරනවා.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 කට ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 කට ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කටද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 144 කටද, භූමිතෙල් ලීටරයක් රුපියල් 77 කටද සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අළෙවි කරයි.

අයි.ඕ.සී. සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 5 බැගින් ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 කට සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 116 කට අළෙවි කරයි.

මිල වැඩිවීමට පෙර ඇමැතිගෙන් ප්‍රකාශයක්

මේ අතර ජාතික පුවත්පතකට අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ ඉහළ දමන බවට කෙරෙන ප්‍රචාර අසත්‍ය බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීමට පෙර තමන් ඒ පිළිබඳව ප්‍රකාශ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ ඉහළ දමන බවට කෙරෙන ප්‍රචාර හේතුවෙන් ජනතාව අදත් ඉන්ධන රැස්කරගෙන ඇති බවත් නියත වශයෙන්ම අද ඉන්ධන මිල ඉහළ නොයන බවත් ඔහු සඳහන් කළා.

Rate this item
(1 Vote)