April 27, 2024

සීනි මිලට මොකද වුණේ? රාජ්‍ය අමාත්‍ය ජානක දැන් කියන කතාව (VIDEO)

වෙළඳපොලේ සීනි මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 160 ත් 190 ත් අතර මිලකට අලෙවි වන බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් කොළඹින් පිට ප්‍රදේශවල ද සීනි හිඟයක් මතුව තිබෙනවා.

සීනි මිල මෙලෙස යළි ඉහළ ගොස් ඇත්තේ රජය ඒ සඳහා පාලන මිලක් නියම කර ඇති තත්ත්වයක් තුලයි. සුදුසීනි කිලෝග්‍රෑමයක් රුපියල් 122කට සහ දුඹුරු සීනි රුපියල් 125 කට ඒ අනුව අලෙවි කළ යුතුයි.

පසුගිය කාලසීමාව තුලදී සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා සීග්‍ර ලෙස ඉහල ගියා. සීනි මිල ඉහල යාම, කුළුබඩු මිල ඉහල යාම සහ රටේ අපනයන ආර්ථිකයට මොකද වුණේ? ඒ පිළිබඳ ඒෂියන් මිරර් සංවාදය වැඩසටහනෙන් මෙවර ප්‍රශ්න කරනවා.

ඒ සදහා ප්‍රධාන ආරාධිතයා වන්නේ කුඩා වැවිලි බෝග, වගා සංරක්ෂණ හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතායි.

ඔහු එහිදී සඳහන් කළේ රුපියල් 230ට 240ට තිබූ සීනි මිල රුපියල් 130ට අඩු කිරීමට තමන්ට හැකිවූ බවත් කිසිසේත් දේශීය සීනි මිල ඉහල යාමට තමන් ඉඩ නොදෙන බවත්ය.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සහභාගී වූ "සංවාදය" වැඩසටහන පහතින් නරඔන්න,

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 21:05

Related items