May 19, 2024

රතන හිමි මඟහරී! ක්‍රියාකලාපය ගැන පක්ෂය සියල්ල හෙළි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ හැටි අපේ ජනබල පක්ෂය සිය මතය අද(15) ප්‍රකාශ කළා.

සිය පක්ෂය විසින් ගනු ලබන තීරණ පිළිබඳ සැලකිල්ලක් නොදක්වා පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බවයි එම පක්ෂය පෙන්වා දුන්නේ.

එහි ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා කොළඹදී අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.

ජන්දදායකයින්ට අසාධාරණයක්

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මැතිවරණයේදි අපේ ජනබල පක්ෂයට ඡන්දය ලබා දුන් ජන්දදායකයින්ට අසාධාරණයක් සිදුවී ඇති බවයි කොඩිතුවක්කු මහතා අවධාරණය කරන්නේ.

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය ඊයේ (15) අහෝසි කරනු ලැබුවා. ඒ බව පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී ඇති බව සඳහන්.

පසුගිය මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමිවු ඡන්ද 67, 000ක් පදනම් කරගනිමින් එම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වු නමුත් ඊට නමක් නිර්දේශ කිරිම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුණා.

එකඟතාව ඥානසාර හිමියන්ට

ඒ හේතුවෙන් එම මන්ත්‍රි ධුරය නම් කිරිම ද කල් ගියා. පසුව පක්ෂය තිරණය කළේ මාස 06 ක කාලයක් සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම මන්ත්‍රි ධුරය සඳහා පත් කර යැවිමටයි.

ඉන් අනතුරුව පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය කැමැත්තෙන් ඉල්ලා අස් වී එම මන්ත්‍රි ධුරයේ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදීමටයි එහිදී එකඟතාවය පළවූයේ.

ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි 05 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයේ දිවුරුම් දුන්නා.

රතන හිමිට මුල් පෙළ අසුනක්

සිව්වන වරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දුන් උන්වහන්සේට වෙන් කෙරුණේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වූ මුල් පෙළ අසුනක්.

මුලික එකඟතාව අනුව රතන හිමියන්ගේ ධුර කාලය ජුලි මස 05 වනදා අවසන් වු නමුත් උන්වහන්සේ මන්ත්‍රි ධුරයේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබුණා.

ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරිමටයි අපේ ජනබල පක්ෂය තීිරණය කළේ. 

Rate this item
(4 votes)
Last modified on Saturday, 16 October 2021 15:17

Related items