May 06, 2024

සන්ධාන ගත වෙන්න පක්ෂ 12ක් තීන්දු කරයි! මෛත්‍රී පොදු අපේක්ෂකයා කළ බලවේග යළි කැඳවයි

මීලඟ දේශපාලන පෙරළියට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයක් මූළික කරගෙන කටයුතු කරගනෙ යන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යලි සක්‍රීය කරමින් පුළුල් දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

පක්ෂ 12ක එකඟත්වය 

එම සන්ධානය පිහිටුවීම සඳහා දැනට පක්ෂ 12ක් පමණ එකඟත්වය පළ කර ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.  

එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කිරීම වෙනුවෙන් කටයුතු කළ සිවිල් සංවිධාන 49න් 40ක්ද මේ වන විට එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් නොව පොදුජන පෙරමුණද බලාත්මක කිරීම සඳහා ශ්‍රීලනිපය තීන්දු කර තිබෙනවා.

පුළුල් සන්ධානයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදුජන එක්සත් පෙරමුණ ද එක් කොට පුළුල් සන්ධානයක් ගොඩ නැගිය යුතු බවට වන යෝජනාවක් ශ්‍රීලනිප පාර්ශ්වයෙන් ඉදිරිපත්වී තිබෙනවා.

පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සියලු‍ පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය නොකරන බැවින්, ඔවුන්ද සන්ධානයට එක්කර ගැනීමේ අරමුණෙන් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

ශ්‍රීලනිපයේ යෝජනාව

විශේෂයෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය යන දේශපාලන පක්ෂ සන්ධානයේ හවුල්කාර පක්ෂ නොවන බැවින් ඔවුන්ද මෙම සන්ධානයට එක් කරගත යුතුයැයි ශ්‍රීලනිප පාර්ශවයේ යෝජනාව වී ඇති බව වාර්තා වනවා.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය නව ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ඉදිරියට ගෙනයා යුතු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති සන්ධානයේ විධායක සභා රැස්වීමේදී ද සාකච්ඡා වී තිබෙනවා.

Rate this item
(6 votes)
Last modified on Friday, 15 October 2021 15:27

Related items