May 17, 2024

ඉන්ධන මිල වැඩි කිරීමේ යෝජනාව එයි! ඉල්ලපු ඉන්ධන මිල ගණන් මෙන්න

ඉන්ධන මිල ඉහළ දැමීම සදහා ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළ යාම හේතුවෙනි.

ඒ අනුව පෙට්‍ර්ල් ලීටරයක් රුපියල් 15-16කින් ඉහළ දැමීමටත්, ඩීසල් ලීටරයක් රුපියල් 25කින් ඉහළ දැමීමට අවසර දෙන ලෙසයි ලංකා ඉන්දීය තෙල් සමාගම ඉල්ලා ඇත්තේ.

දැනට පවතින මිල ගණන් වලට ඉන්ධන අලෙවියෙන් සිය සමාගම පාඩු ලබන බව ලංකා ඉන්දීය තෙල් සමාගම රජය දැනුවත් කර තිබෙනවා.

Rate this item
(1 Vote)