May 17, 2024

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ශක්තිය විදහා පාන "දියකාවා අභ්‍යාසය" මෙවරත් (PHOTOS)

September 30, 2021

යුධ, ගුවන් හා නාවික හමුදා ඒකාබද්ධව වාර්ෂිකව පවත්වන “දියකාවා“ යුධ අභ්‍යාසය 11වන වරටත් ඊයේ (29) ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි වෙරළ තීරයේදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් අදියර පැවැත්වුණා.

යුධ,ගුවන්, නාවික භටයන් 3029 දෙනෙකු, නිලධාරින් 444 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති දියකාවා යුධ අභ්‍යාසය සදහා කලාපීය රටවල් 5ට අයත් විදේශිය නිලධාරින් 08 කු හා සෙබලුන් 29 දෙනෙකුද එක්ව සිටියා.

කුඹුරුපිඩ්ඩි වෙරළේ ස්ථාපිත කල සතුරු කදවුරකට පහරදි රේඩාර් මධ්‍යස්ථානයක් බිද දමා එම කදවුර අත්පත් කර ගැනිම මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

නාවික හමුදා ඩෝරා යාත්‍රා, සෙබලුන් ප්‍රවාහනය කරන විශේෂ යාත්‍රා බලඝණයට අයත් යාත්‍රාවන් එක්ව මුහුදින් සතුරු කදවුරට පහර දෙනු ලැබු අතර ගුවන් හමුදාවට අයත් එෆ් 7 හෙලිකොප්ටර් මගින් කදවුරට බෝම්බ හෙලිමත් බෙල් 212 හෙලිකොප්ටරය මගින් ගුවන් ප්‍රහාර එල්ල කිරිමක් කරද්දි යුධ ටැංකි යොදාගෙන පාබල සෙබලුන් වෙඩි ප්‍රහාර දියත් කරමින් මෙම කදවුර අත්පත් කර ගැනිමේ විශ්මිත ප්‍රහාරය මෙලෙස අවසන් කෙරුණා.

සටන ඇවිලෙද්දි බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා මගින් තුවාල වු සෙබලුන් ඉවත් කිරිම මෙහිදි සිදුවිය.

මෙහිදි අදහස් දැක්වු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් පළ කරමින් කියා සිටියේ ත්‍රිවිධ හමුදාව, කමාන්ඩෝ බලකාය එක්ව ශ්‍රි ලංකාවට ආසන්නයේ ඇති අනෙකුත් රටවල විශේෂ බලකා හා කමාන්ඩෝ බලකාවල සෙබලුන් හා නිලධාරින් හා එක්ව 11වන වරටත් මෙම දියකාව යුධ අභ්‍යාසය පැවැත්වු බවයි.

ශ්‍රී ලංකා හමුදාවේ විශේෂ බලකාය, කමාන්ඩෝ බලකායට අයත් තෝරාගත් කණ්ඩායම් මෙන්ම පකිස්තානය, ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින හා ඕමානය යන රටවල සෙබලුන් එක්ව මෙම යුධ අභ්‍යාසය සිදු කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට අයත් ක්‍රියාන්විතයක් සදහා යොදා ගන්නා සියලු යානා, යුධ ටැංකි යොදා ගනිමින් මෙම අභ්‍යාසය දින 26 ක් පුරාවට පවත්වනු ලැබුවා.

යුද්ධයක් නැතත් අපි යුධ හමුදාවක් ලෙස පුහුණුවිම් කර ඕනෑම තත්වයක් සදහා සුදානම්ව සිටිය යුතුයි යැයිද යුද හමුදාපතිවරයා විසින් මෙහිදී පවසා සිටියා.

මෙහෙයුමේ විශේෂ සිදුවීම්වල ඡායාරූප පහතින්,

(අමදෝරු අමරජිව - ත්‍රිකුණාමලය)

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 September 2021 12:16