May 07, 2024

විශ්වවිද්‍යාල විවෘත කරන්න දින දෙයි

September 29, 2021

මෙරට සියලු විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම සඳහා තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ එළැඹෙන නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.

එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ පිරිස හට කොරෝනා මර්දන එන්නත ලබාදීම ඔක්තොම්බර් මාසය තුළ අවසන් කිරීමට රජය අපේක්ෂාවෙන් සිටිනවා.

එබැවින් නොවැම්බර් මාසයේ සිට නැවත විශ්ව විද්‍යාල විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා සිටියා. 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 29 September 2021 08:30