May 07, 2024

සා.පෙළ, උ.පෙළ, ශිෂ්‍යත්වයට දින දෙයි - සිසුන්ට සුදානම් වෙන්නැයි දැනුම් දීමක්

September 05, 2021

කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟ මෙරට අධ්‍යාපනය කටයුතුවලට එල්ල වුණේ දැඩි බාධාවක්. ඒ හේතුවෙන් විභාග පැවැත්වෙන දින පවා වෙනස් කිරීමට අධ්‍යාපන බලධාරීන්ට සිදු වුණා.

ඒ අනුව මෙරට විභාග පවත්වන දින ගැන නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය අනුව ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදා පැවැත්වීමටත්, අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 වනදා දක්වාත්, අපොස සාමාන්‍ය පෙළ 2022 වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 3 වනදා දක්වාත් පැවැත්වීමටයි සැලැසුම් කර තිබෙන්නේ.

විභාග පැවැත්වීම සඳහා අවශ්‍ය කරන සැලැසුම් මේ වන විට සකස් කර තිබුණත් අදාළ දිනයන් පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පවසන්නේ.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ “මේ දින මම කිව්වා කියලා අනිවාර්යයෙන් තියෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේක සැලැස්මක් විතරයි. මට අද කියන්න බැහැ මේක ස්ථීරයි කියලා. දරුවන්ගේ සහ දෙමව්පියන්නේ ඉල්ලීම් ගැන සලකා බලාවි. දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ ටිකක් කරන්න ඕනේ. අපි දන්නවා දරුවන්ගේ පීඩනය. කොහොමත් විභාගය තියෙනවා. ඒ කාලයට ගැලපෙන පරිදි තීරණ ගනී. දරුවන් සූදානම් වෙලා ඉන්න.” ලෙසිනි.

Rate this item
(0 votes)