May 19, 2024

කිරිපිටි හිඟය තවත් මාසයක්? වරායේ හිරවුණු කිරිපිටි නරක් වීමේ අවධානමක්

September 26, 2021

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව හරහා ඉල්ලීමක් කර ඇති බවත් එම මිල වැඩිවීම ලබන අඟහරුවාදා වන විටවත් නොවුණ හොත් කිරිපිටි සැපයුම සාමාන්‍ය තත්වයට පත්වීමට තවත් මාසයක් පමණ ගතවීමට ඉඩ ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවා.

වරායේ තිබෙන කිරිපිටි ඉක්මණින්ම මුදානොගත හොත් නරක් වීමේ ඉඩකඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වර්තමාන වෙළෙඳපොලේ කිරිපිටි ඉල්ලුමෙන් සියයට 10 ක පමණ ප්‍රමාණයක් ඇති බවද හෙතෙම කියා සිටියා.

කිරිපිටි ආනයනකරුවන් ආනයනය කළ කිරිපිටි ටොන් විශාල ප්‍රමාණයක් ඩොලර් හිඟය නිසා නිදහස් කරගැනීමට නොහැකිව වරායේ සිරවී ඇති බවත් අගමැතිතුමා කඩිනමින් වරායෙන් බහලුම් නිදහස් කිරීමට උපදෙස් දුන්න ද ගෙවීම් කිරීම ගැටලුකාරී වී තිබෙන බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළා.

ඩොලරයට සාපේක්ෂව පිටි මිල රුපියල් 200 කින් වැඩි කළ ද පාඩුව අඛණ්ඩව සිදුවන නිසා රුපියල් 350 කින් වැඩි කරන ලෙස ඉල්ලීම කළ බවත් මෙම තත්වය හමුවේ නැවත මාස හයකින් පමණ මිල වැඩි කිරීමට සිදුවනු ඇති බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)