කිරි තේ කෝප්පයක මිල රුපියල් 100ක් දක්වා වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ කිරිපිටි, තේ කොළ මිල ඉහළයාම, ගෑස් හිඟය හේතුවෙන් මෙලෙස කිරි තේ කෝප්පයක මිල ඉහළ දැමීමට සිදුවන බවයි.
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ (19) පියවර ගනු ලැබූ අතර ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින් මිල ඉහළ දැමුවා.
ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 790ක්.