May 02, 2024

අගමැති සාකච්ඡාවෙන් විසඳුමක් නෑ - ආණ්ඩුවේ කැරලිකාර පිල ඊලඟ තීන්දුවට සූදානම්

September 24, 2021

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර ඊයේ (23) පස්වරුවේ පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

එම සාකච්ඡාව සිදු කර තිබුණේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන්.

තවත් කරුණු සාකච්ඡා කරලා

අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන් අතර මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, සාගර කාරියවසම්, වීරසුමන වීරසිංහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.

ඉදිරි අයවැය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් සහ කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

මුල්ම ප්‍රශ්ණ කිරීම විමල්ගෙන්

එම සාකච්ඡාව අතරවාරයේදී යුගදනවි බලාගාරයේ අර්බුදය සම්බන්ධයෙන් ද විමල් වීරවංශ ඇමතිවරයා මුලින් විමසා තිබුණා.

මෙම ආයෝජකයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක පමණ ආයෝජන මෙරටට ලැබෙන බවත් එය රටට වාසිදායක ආයෝජනයක් බවත් ඊට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

මෛත්‍රීත් විරුද්ධයි

යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම ගැටලුකාරී බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමති වාසුදේව නානායක්කාර සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ද පෙන්වා දී ඇතැයි වාර්තා වනවා.

එම සාකච්ඡාව පැය දෙකක් තිස්සේ ගිය නමුත් එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

ජනපති හමුවට

මේ අතර, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා පැවසූවේ යුගදනවි බලාගාරය සම්බන්ධ ප්‍රශ්නය ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඔහු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් අත්සන් කොට ජනාධිපතිවරයාට ලිපියක් භාර දෙන බවද ඔහු සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 25 September 2021 10:21