May 13, 2024

විමල්, වාසු තනිකර ගම්මන්පිල පනී

September 21, 2021

විමල් වීරවංශ , වාසුදේව නානයක්කාර මහත්තුරුන් ඇතුළු කැරලිකාර ඇමති තුන් කට්ටුව නියෝජනය කරන උදය ගම්මන්පිල මහතා මේ වන විට විදේශ ගතව සිටින්නේ.

අමාත්‍යවරයා මේ වන විට සිටින්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ.

වැදගත් කරුණු දෙක

ඒ කාරණා දෙකක් මුල් කොටගෙන.

ඉන් එකක් වන්නේ හෙට 21 සිට 23 දක්වා ඩුබායි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පැවැත්වෙන ගෑස්ටෙක් ප්‍රදර්ශනය සහ සමුළුවට සහභාගී වීම.

බලශක්ති කර්මාන්තය සම්බන්ධයෙන් ලොව පැවැත්වෙන විශාලතම ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය මෙය වනවා.

ගම්මන්පිල අමාත්‍යවරයාද එම සමුළුව ඇමතීමට නියමිතයි.

ණය සහන සාකච්ඡා

අනික් කාරණය වන්නේ දිගු කාලීන ණය පදනම මත මෙරටට ඛනිජ තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් එරට බලශක්ති අමාත්‍යවරයා සහ තෙල් සමාගම ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීම.

රටට ගෙන්වන භාණ්ඩ අතුරින් වැඩිම විදේශ විනිමයක් වැය වන්නේ තෙල් ගෙන්වීමට.

ඒ සඳහා අවශ්‍ය කරන ඩොලර් හිඟකමට පිළියමක් ලෙසයි අමාත්‍යවරයා මෙසේ දිගුකාලීන ණය මත තෙල් ගැනීමට බලාපොරොත්තු වන්නේ.

එක්සත් අරාබි එමීර් සංචාරයෙන් පසු අමාත්‍යවරයා ඉරානයටද යෑමටද නියමිතයි.

එහිදී ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය ජාවඩ් ඔව්රි මහතා සමගද සාකච්ඡාවක් පවත්වා බලශක්ති සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට අමාත්‍යවරයා බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 September 2021 19:45