May 10, 2024

එලොවටත් නැති මෙලොවටත් නැති ඇමති, මන්ත්‍රී නන්නත්තාර කරයි

September 20, 2021

පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා කිරීම මුල් කොටගෙන පොදු ජන පෙරමුණ තුලම ඇති වූ මත ගැටුම මේ වන විට බොහෝ දුර දිග ගොස් තිබෙන්නේ.

පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කිරීමට මුල් වීම සම්බන්ධයෙන් ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ චෝදනාවට ලක්වූ විෂය භාර සරත් වීරසේකර අමාත්‍යවරයා මේ වන විට ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ ඉල්ලීමක් කර තිබෙනවා.

විනයානුකූල පියවර

ඒ ජගත් කුමාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනයානුකූල පියවරක් ගන්නා ලෙසටයි.

එතෙකින් නොනැවතුණු වීරසේකර අමාත්‍යවරයා පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයෙන් මාරු කිරීමට හේතු වූ කරුණුද මාධ්‍යයට අනාවරණය කළා.

පොලිස් නිලධාරිනියකගේ ආරක්ෂාවක් නොමැතිව කාන්තාවන් දෙදෙනකු පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටීම ඒ අතර අතර එක් හේතුවක් ලෙසයි වීරසේකර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉවත් කිරීමේ පදනම

පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කළේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත බවද අනාවරණය කරන වීරසේකර අමාත්‍යවරයා ඉන් පසුව ජගත් කුමාර මන්ත්‍රීවරයා වාචිකව හා ලිඛිතව කළ ඉල්ලීමක්ද හෙළිදරව් කරනවා.

ඒ ජගත් කුමාර මහතාට පක්ෂපාතී පොලිස් ස්ථානාධිපතිවරයෙක් වූ එම ධුරයට පත්කරන ලෙස බවටයි.

ඒ නිසා දේශපාලන බලපෑම් කරන්න ආවේ ජගත් කුමාර මන්ත්‍රීවරයා බව පෙන්වා දෙන වීරසේකර මහතා ඔහු දැන් උරණ වී සිටින්නේ තමන්ට පක්ෂපාතී කෙනෙක් පත් කර ගැනීමට නොහැකි වූ නිසා බවත් සඳහන් කරනවා.

අමාත්‍යවරුන් දෙදෙනාගෙන්ම ප්‍රතිචාර

ජගත් කුමාර මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාටද චෝදනා කළ අතර ඊට ලොකුගේ අමාත්‍යවරයාද ප්‍රතිචාර දක්වා තිබුණා.

ලොකුගේ හා වීරසේකර යන අමාත්‍යවරුන් දෙපල ජගත් කුමාර මන්ත්‍රීවරයා හඳුන්වා දෙන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති අමාත්‍යවරුන් ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 September 2021 12:29

Related items