May 14, 2024

ලොහාන් එල්ලුම් ගහ ට්‍රයි කරානම් හරි: අනියම් බිරින්දෑවරුන් ඇතුලට ගෙනියන්න බැහැ - ෆොන්සේකා

September 17, 2021

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ට කරන්න තිබුණු වගකීමක් ගැන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කරුණු හෙළිදරව් කරනවා.

ඒ මාධ්‍ය හමුවක් තබමින්.

බන්ධනාගාර නිලධාරීන්ට තිබුණේ ලොහාන් රත්වත්ත මහතාට එල්ලුම් ගහ ට්‍රයි කරන්න පහසුකම් සැලසීම බවයි ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ.

රටට තිබ්බ කරදරය

එහෙම වුනානම් රටට තිබෙන ප්‍රශ්නයක් ඉවර වන බවද ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.

මහ රෑ හොඳට බී කවුදෝ කාන්තාවක් සමග එල්ලුම්ගහ පෙන්වීමට යෑමට අවසරයක් නැති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.

කාට හරි අනියම් බිරියක් සිටිනවා නම් එයාට මහ රෑ ගිහිල්ලා එල්ලුම්ගහ පෙන්වීමට අවසරයක් නැති බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා මන්ත්‍රීවරයෙකුට ඇති එකම අයිතිය වන්නේ ජනතා නියෝජිතයෙක් හැටියට බන්ධනාගාරය තුළ සිටින කෙනෙකුගේ තිබෙන ප්‍රශ්නයක් ගැන , අයිතිවාසිකමක් ගැන සොයා බලා අදාල තැන් වලට දැනුම්දීම බවයි සඳහන් කරන්නේ.

බන්ධනාගාරයට පිස්තෝලයක් ගෙන යෑමට මන්ත්‍රීවරයෙකුට නීතියෙන් කිසිම ඉඩක් නැති බවයි ෆොන්සේකා මහතාගේ මතය වන්නේ.

ආත්ම ආරක්ෂාවට පමණයි

මන්ත්‍රීවරුන්ට පමණක් නොව වෙනත් ව්‍යාපාරිකයින්ටද පිස්තෝල ලබාදී තිබෙන බවද පෙන්වා දෙන ෆොන්සේකා මහතා ඒ පුද්ගලික ආත්ම ආරක්ෂාව සඳහා පමණක්ම බවද අනාවරණය කරනවා.

මේ පුද්ගලයා ඔහුට එරෙහිව වචනයක්වත් නොකියපු අසරණ වී සිටින සිරකරුවෙකුට බන්ධනාගාර ඇතුළට ගොස් පිස්තෝලයක් හිසට තබා තර්ජනය කිරීම තනිකරම දාමරික ක්‍රියාවක් බවයි ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ.

එනිසා මේ පුද්ගලයාට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතු බවද ෆොන්සේකා මහතා සඳහන් කරනවා.

Rate this item
(3 votes)
Last modified on Friday, 17 September 2021 01:26

Related items