May 03, 2024

කලකට පසු රනිල් හා විමල් එක මග

September 12, 2021

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද හදිසි නීති රෙගුලාසි ඡන්දය මඟහැර ගොස් ඇති බව වාර්තා වනවා.

ජනපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි මසක් සඳහා බලාත්මක කිරීම සඳහායි එම ඡන්දය ඉකුත් 6 වැනි සදුදා පාර්ලිමේන්තුවේ පැවැත්වුණේ.

උදේ හිටියට සවස අතුරුදහන්

එදින උදෑසන පාර්ලිමේන්තු සභා ගැබේ සිටි වික්‍රමසිංහ මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටි බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

විපක්ෂය නියෝජනය කරන වික්‍රමසිංහ මහතා පමණක් නොව ආණ්ඩුව නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අමාත්‍යවරයාද හදිසි නීති රෙගුලාසි ඡන්දයට පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

එහෙත් වීරවංශ අමාත්‍යවරයා එදින පාර්ලිමේන්තු සභා ගැන්මට නොපැමිණි බවයි දැනගන්නට තිබෙන්නේ.

දෙපැත්තේම නොපැමිණි මන්ත්‍රීවරු

මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගෙන් පමණ සමන්විත ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් හදිසි නීති රෙගුලාසි වලට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ මන්ත්‍රීවරුන් 132ක් පමණයි.

ඉන් මන්ත්‍රීවරුන් 15 දෙනකු විදෙස්ගත වීම හා නිරෝධායනයට ලක්වීම මත ඊට සහභාගි නොවන බව කලින්ම දැනුම් දී තිබුනු බවයි එම ආරංචි මාර්ග අවධාරණය කරන්නේ.

මන්ත්‍රීවරුන් 66 දෙනෙකුගෙන් සමන්විත විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් හදිසි නීති රෙගුලාසි වලට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ මන්ත්‍රීවරුන් 51ක් පමණයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 12 September 2021 15:20