May 06, 2024

(EXCLUSIVE) පාදෙණියට මෙහෙ ඉඩ නැහැ: කෙරුවාව සජිත්ට කියලා තියෙන්නේ - රාජිත සේනාරත්න

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සමගි ජන බලවේගයේ කිසිම කටයුත්තකට සම්බන්ධ කර නොගන්නා ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇති බව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුද වන සේනාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ තමන් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාට වෛද්‍ය පාදෙනියගේ කෙරුවාව හා පැටිකිරිය හොඳාකාරවම අවබෝධ කර දී ඇති බවයි.

ඩබල් ගේම් කාරයා

වෛද්‍ය පාදෙනිය ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේද සිටි බව පෙන්වා දෙන සේනාරත්න මහතා මේ වන විට ඔහුව ආණ්ඩුවද ගණන් නොගන්නා තත්ත්වයක් මතුව ඇති බව තමන්ට දැන ගැනීමට ලැබුණු බවයි සඳහන් කරන්නේ.

අවස්ථාවාදියෙකු වන වෛද්‍ය පාදෙනිය මීළඟට ඇස කරකවන්නේ සමගි ජන බලවේගය දෙසට බවට තොරතුරු තමන්ට ලැබී ඇති බවයි සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.

අපේ පැත්තේ කිසි ඉඩක් නැහැ

තමා කිසිම විටෙක වෛද්‍ය පාදෙනියට සමගි ජන බලවේගය සමග සම්බන්ධ වී කටයුතු කිරීමට ඉඩ නොතබන බවයි සේනාරත්න මහතා සපථ කරන්නේ.

වෛද්‍ය පාදෙනිය පිළිබඳ තමා ළඟ හොඳ හොඳ තොරතුරු තිබෙන බවද නිසි වේලාවට ඒවා ප්‍රයෝජනයට ගන්නා බවටද සේනාරත්න මහතා අනතුරු අඟවනවා.

සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරද්දී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු වූ වැඩ වර්ජන වලට නායකත්වය දුන්නේ වෛද්‍ය පාදෙනිය මහතායි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 21 August 2021 00:49