May 06, 2024

රාජිත බෙහෙත් වලින් හොරා කෑ හැටි රාජ්‍ය ඇමති හෙළිකරයි

රාජිත සේනාරත්න මහතා අද කිඹුල් කඳුළු හෙළන බවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා චෝදනා කරනවා.

හොරා කාපු විදිහ

රාජිත සේනාරත්න මහතා පිළිකා බෙහෙත් වලිනුත් හොරා කෑ බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ බැව් කොමිෂන් සභා වාර්තාවෙන් මෙන්ම අභ්‍යන්තර විගණන පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා එළිදරව් කරන්නේ.

ගහපු මුදල මිලියන ගණනක්

එසේ මෙසේ ගණන් නොව රු. මිලියන 800 , 900 , 1000 ආදී විශාල මුදල් කන්දරාවක් වංචා කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එනිසා මේ අවස්ථාවේ රාජිත සේනාරත්න මහතා නියෝජනය කරන විපක්ෂ බලයේ සිටියා නම් කොවිඩ් මර්දන බෙහෙත් ගැනීම කෙසේ වෙතත් රෝග හේතුවෙන් මියයන මිය යන මළමිනියනුත් ගසා කන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අද මේ පිරිස බලයේ නොසිටින්නේ රටේ වාසනාවට බවයි රාජ්‍ය අමාත්‍යවරයාගේ මතය වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 August 2021 14:44