May 06, 2024

මරණ එක්ක සෙල්ලම් කරන මේජර් ජෙනරල්වරයාගේ නම ප්‍රසිද්ධියේම කියනව - රාජිත

කොවිඩ් මරණ සංඛ්‍යාව විකෘති කරන යුද හමුදාවේ මේජර් ජනරාල්වරයාගේ නම ලඟදීම ප්‍රසිද්ධියට පත් කරන බව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

දැනට එම නම ප්‍රසිද්ධියට පත් කිරීම නොකරන බව පෙන්වා දුන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුද වන සේනාරත්න මහතා අදාල මේජර් ජනරාල්වරයා මරණ සංඛ්‍යාව විකෘති ආකාරයද එළිදරව් කළා.

ගෙවල් වලට යවලා කරන විදිය

කොවිඩ් හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ නිවෙස් වලට පුද්ගලයන් ලවා මියගිය පුද්ගලයාට ඇති වෙනත් රෝග විමසීමට ලක් කොට ඒ සම්බන්ධයෙන් සටහනකට අත්සන් ගන්නා බවයි සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.

කොවිඩ් ආසාදනය වීමෙන් මියයන්නන් අතර සිටින එසේ රෝග තියෙන අය කොවිඩ් මරණ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අදාල මේජර් ජනරාල්වරයා කටයුතු කර ඇති බවයි සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.

සැබෑ ගණන හංගනවා

ඒ අනුව කොවිඩ් නිසා මිය යන මරණ සංඛ්‍යාව අවම කර සැබෑ ගණන හංගා විකෘති කොට සෞඛ්‍ය බලධාරීන්ට ලබාදෙන බවයි සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයාද මාධ්‍ය හමුවක් තබමින් ප්‍රසිද්ධියේම කරුණු හෙළිදරව් කොට තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 August 2021 12:49