May 06, 2024

ආණ්ඩුව එහෙම එනවා නම් ජනතාව මෙහෙම කරන්න - රාජිතගෙන් ඉල්ලීමක්

පවතින උග්‍ර කොවිඩ් රැල්ල සමග ආණ්ඩුව රට ලොක්ඩවූන් නොකරන නිසා ජනතාව ගත යුතු ගත යුතු ක්‍රියා මාර්ගය හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා යෝජනා කොට තිබෙනවා.

ජනතාව ගත යුතු තීන්දුව

"දැන් කොවිඩ් රෝගීන් හැම තැනම සිටින නිසා ජනතාවට තිබෙන්නේ ස්වාධීනව ලොක්ඩවූන් වීමටයි" ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කරන යෝජනාවයි.

ඔහු එම යෝජනාව කොට තිබෙන්නේ සුම් තාක්ෂණය ඔස්සේ පැවති සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් අමතමින්.

පාර්ලිමේන්තුව ගැනත් තීරණයක්

කොවිඩ් වසංගතය මත රටේ පවතින තත්ත්වය තුළ පාර්ලිමේන්තුව එළඹෙන අඟහරුවාදා (17) පැවැත්වීම සම්බන්ධයෙනුත් තීරණය ගැනීමේ වගකීම සමගි ජන බලවේග නායකයා විසින් පවරා ඇත්තේ සේනාරත්න මහතාටයි.

මේ ගැන සේනාරත්න මහතාගෙන් අහන ලෙසයි සමගි ජන බලවේග නායකයා මෙන්ම විපක්ෂ නායකවරයාද වන සජිත් ප්‍රේමදාස මහතා සිය ලේකම්වරයාට දැනුම් දී තිබෙන්නේ.

ඒ අනුව එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරය නතර කරන ලෙස ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කිරීමට විපක්ෂ නායකවරයා සූදානමින් සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 August 2021 23:58