May 05, 2024

ප්‍රශ්න කළේ දින 5යි: ඉතිරි 97ම හිටියේ නිකං - රිෂාඩ් බදියුදීන්

මේ වන විට රැඳවුම් නියෝග මත සිටින රිෂාඩ් බදුදීන් මහතා ඊයේ (4) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ අවසරය මත විශේෂ ප්‍රකාශයක් කළා.

ඒ තමාව අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන්.

ජනපති හා අගමැති ඉදිරියේ කල හෙලිදරව්ව

ඔහු එම විශේෂ ප්‍රකාශය කළේ ජනපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද සභාවේ සිටිද්දී.

එම ප්‍රකාශයේදී බදුදීන් මහතා සදහන් කළ එක් කරුණක් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්.

ප්‍රශ්න කර තිබෙන්නේ දින පහයි

ඔහු එහිදී සඳහන් කළේ තමාව මේ වන විට දින 102ක් රඳවාගෙන රඳවාගෙන සිටියද ප්‍රශ්න කළේ දින 5ක් පමණක් බවයි.

ඉතිරි දින 97 සිය කාමරයට වී සිටි බවයි බදුදීන් මහතා හෙළිදරව් කරන්නේ.

රිෂාඩ් බදුදීන් මහතාව මෙසේ රැඳවුම් නියෝග මත තබාගෙන සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 August 2021 00:59